යාපනය, චාවකච්චේරිය ප්‍රදේශයේ නිවසකින් පුපුරණ ද්‍රව්‍ය සහ උපකරණ අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කිරීම සඳහා එය ත්‍රස්ත විමර්ශන ඒකකය (TID) බාර දී ඇති බව පොලීසිය කියයි.
ඊයේ (30දා) පුපුරණ ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත් අතර ඒ පිළිබඳව වන සැකකරුද අත්අඩංගුවට ගෙන තිබේ. වැඩබලන පොලිස්පති එස්. එම්. වික්‍රමසිංහ මහතා විසින් එය ත්‍රස්ත විමර්ශන ඒකකයට බාරදී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යටතේ මෙම විමර්ශන සිදුකෙරේ.