මුලතිව්, පුදුකුඩිඉරිප්පු, නෙත්තලිආරු ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී පෙරේදා (27දා) අත්බෝම්බ සහ බෝම්බ ෆියුස් තොගයක් හමුවූ බව කිලිනොච්චිය පොලීසිය පවසයි.
කිලිනොච්චි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලැබුණු තොරතුරක් අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන ලද සෝදිසියකදී ඇළ මාර්ගය ඉවුරේ උරයක දමා තිබියදී මෙම අත්බෝම්බ 14 සහ බෝම්බ ෆියුස් 12 සොයාගෙන තිබේ.
මෙලෙස හමුවූ බෝම්බ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන තිබේ.
යුද සමයේදී කොටි සංවිධානය විසින් මෙම අත්බෝම්බ තොගය වළදමා තබන්නට ඇති බවටත්, ඇළ මාර්ගයේ ජලය ගලා බැසීමෙන් අදාළ උරය මතුවන්නට ඇති බවටත් පොලීසිය සැකකරයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.