වෛද්‍යවරුන් සතු පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව පිළිබඳව සංගණනයක් 2018 වසරේ මැයි මස 01දා පැවැත්වීමට කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (22දා) පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය.
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
දැනට ලංකාව තුළ වෛද්‍යවරුන් විසින් ලියාපදිංචි කර ඇති පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන 205ක් පවතිනවා. එයින් මධ්‍යස්ථාන 88ක් පූර්ණ කාලීන මධ්‍යස්ථාන වන අතර තවත් 117ක් අර්ධ කාලීන වශයෙන් ලියාපදිංචිය ලබා තිබෙනවා. යැයි ද පවසා සිටියේය.