දිස්ත්‍රික්ක 09 කට ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය නිසා පවුල් 5956 කට අයත් පුද්ගලයන් 22502 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම පිරිසෙන් පවුල් 905 කට අයත් පුද්ලයන් 3174 ආරක්ෂිත නිවාස 31 රඳවා සිටින බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.
මිය ගිය සංඛ්‍යාව 08 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර, අතුරුදන් වී සිටින ප්‍රමාණය 07 කි. පුත්තලම, කොළඹ, මාතර, ගාල්ල, හම්බන්තොට, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, නුවරඑළිය, බදුල්ල දිස්ත්‍රික්කවල ජනතාව අයහපත් කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටිති.