දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පවුල් 51899කට අයත් පුද්ගලයන් 207 290ක් අවතැන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
එසේම පුද්ගල මරණ 100, අතුරුදන්වීම් 99ක්, තුවාල ලත් පුද්ගලයින් 17ක් සිටින බවත් මධ්‍යස්ථානය සඳහන් කරයි. පූර්ණ නිවාස හානි 108ක් හා අර්ධ නිවාස හානි 720ක්ද වාර්තා වෙයි.