පුද්ගලයන් 18734ක් අවතැන්
ගෙවී ගිය පැය 48 ක කාලය තුළ දිස්ත්‍රික්ක හතකට ඇදහැලුණු අධික වර්ෂා තත්ත්වය නිසා පවුල් 4904කට අයත් පුද්ගලයන් 18734 ක් පීඩාවට පත්ව තිබේ.
මේ පිරිසෙන් පවුල් 1373කට අයත් පුද්ගලයන් 4970කට අධික සංඛ්‍යාවක් සහන කඳවුරු 62 ක් තුළ රඳවා තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා නිවාස 296කට හානි සිදුව තිබෙන අතර, වැඩිම පිරිසක් පීඩාවට පත්ව තිබෙන්නේ යාපනය දිස්ත්රික්කයේය.එම දිස්ත්‍රික්කයේ පවුල් 2140කට අයත් පුද්ගලයන් 8251 ක් පීඩාවට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මීට අමතරව අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික්කවල වැව් හා ජලාශ සියයකට අධික ප්‍රමාණයක් පිටාර මට්ටමට පැමිණ තිබෙන බවත්, මේ නිසා අධික වර්ෂාපතනය පවතින ප්‍රදේශවල ජනතාව ජල මූලාශ්‍ර භාවිත කිරීමේදී ප්‍රවේශම් වන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඇතිවූ ජල ගැලීම නිසා අනුරාධපුර බන්ධනාගාරය ද ජලයෙන් යටවී තිබෙන අතර, මේ නිසා එහි රඳවා සිටි සැකකරුවන් දහසකට අධික පිරිසක් මීගමුව, ත්‍රිකුණාමලය, කුලියාපිටිය බන්ධනාගාරවෙත මාරුකර යවා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

