සිය පුත්‍රයා, බාලවයස්කාර පෙම්වතිය නීත්‍යානුකූල බාරකාරත්වයෙන් අපහරණය කර ගෙන යෑමට අනුබල දුන්නේ යැයි සැකපිට පෙම්වතාගේ මව වන කේ.පී.පී. රේණුකා (38) නැමති කාන්තාවට ඊයේ (26දා) රාත්‍රී අහුන්ගල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ලේ ජනප්‍රිය විද්‍යාලයක 10 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිය මිනිපිරිය ඉකුත් 23දා සිට ආගිය අතක් නොමැති බවත්, 25 දා පෙරවරුවේ ඇය බූස්ස ප්‍රදේශයේ පදිංචි සිය පෙම්වතා යැයි කියනු ලබන තරුණයෙකු සමග පලාගොස් තිබෙන බවට තොරතුරු ලැබුණු බවත්, දැරියගේ මිත්තණිය විසින් අහුන්ගල්ල පොලීසියට පැමිණිලි කර තිබේ. සිය මිනිපිරිය පහළොස් හැවිරිදි බාලවස්කාර දැරියකද බවද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
කුඩා කාලයේදීම මෙම දැරියගේ මව මිය ගොස් ඇති අතර, පියා වෙනත් විවාහයක් කරගෙන වෙනම ජීවත් වන බැවින්, දැරිය ජීවත් වී ඇත්තේ බළපිටිය, වැලිතර පිහිටිමිත්තණියගේ නිවසේ බව අහුන්ගල්ල පොලීසිය විසින් මෙතෙක් කරන ලද පරීක්ෂණ වලදී තහවුරු කරගෙන තිබේ.
කමිඳු මධුසර ලියනගේ - අහුන්ගල්ල