ඊයේ (18දා) මධ්‍යම රාත්‍රියේ සිට පුත්තලම සිමෙන්ති සමාගම් භුමියේ (ඉන්සී සිමේන්ට් ) ඇවිලී ගිය ගින්න තවමත් නිවා දමා නොමැති බව පුත්තලම ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
සිමෙන්ති සමාගමේ අලියාඩ් කසල විනාශ කිරීමේ අංගනය තුළ බවත් දිවයිනේ විවිධ ප්‍රදේශ වල ඇගළුම් කර්මාන්ත ශාලාවලින් පුළුස්සා විනාශ කිරීම සදහා රැගෙන විත් තිබු අපත් කල රෙදි ( කට් පිස් ) හා තවත් දෑ අසුරා තිබු ස්ථානයට නුදුරින් ගින්න ඇවිලි ගොස් තිබූ බව කියයි .
ගිනි ගැනිම් සිදුවන විට එම ස්ථානයේ පුලුස්සා විනාශ කිරීම සදහා සුදානම් කර තිබු දෑ ටොන් 2000 කට ආසන්න ප්‍රමාණයක් තිබු බවද කියයි.
පවතින වියළි කාළගුණයත් සුළං තත්වයත් හේතුවෙන් ගින්න නිවා දැමීම බරපතල තත්වයක් වී තිබු බවත් දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ගණනාවකට අයත් ජල බවුසර් ගිනි නිවන රථ හා යුධ ගුවන් නාවික හමුදාවන්ට අයත් ගිනි නිවිමේ එකක ද ගෙන්වා තිබුණි .
නමුත් ගිනි නිවිම සදහා ජලය සපයා ගැනිමට කිසිදු ස්ථානයක් නොමැති විම නිසා ගින්න නිවා දැමිමට ප්රශ්ණයක්ව තිබු බව කියයි.
ගින්න නිසා කර්මාන්ත ශාලාවේ වෙනත් කිසිදු අංශයකට හානි සිදුවි නොතිබුණ බවත් අවට ප්‍රදේශ වෙත ගින්න පැතිරි යාම වැලැක්විමට දැවැන්ත උත්සහයක් ගිනිමින් තිබෙන බවත් සිමෙන්ති සමාගමේ පාලනාධිකාරිය පවසයි.