පළාත් පාලන ආයතන මැතිවරණ ක්රමයේ සිදුවන නව වෙනස නිසා කාන්තා නියෝජනය 25% සිට 16% දක්වා අඩු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ සඳහන් කරයි.
කොට්ඨාස ක්‍රමයට 70%කුත්, මනාප ක්‍රමයට 30%කුත් වශයෙන් සකස් වී තිබූ ක්‍රමයට අනුව කාන්තා නියෝජනය 25%ක් වන ලෙසට පනත සකස් කළ බවද එම පෙරමුණේ සභාපති රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.
මේ අනුව මන්ත්‍රීධුර ප්‍රමාණය 2400ක් වූ බවත්, එහෙත් එම ප්‍රතිශතය 60% සිට 40% ලෙස වෙනස් කිරීමට යාම නිසා මන්ත්‍රී ධුර ප්‍රමාණය 1600ක් දක්වා අඩු වන බවද කියා සිටියාය.