පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ලබාගත් නිවැරදි ඡන්ද ප්‍රතිශතය සියයට 40ක් බවත්,දැනට ප්‍රසිද්ධව ඇති පළාත් පාලන ආයතනවල ජාතික ප්‍රතිශත ගණනයන් වැරදී ඇති බවත් ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කළේය.
පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රතිශතය මාධ්‍ය ආයතන මගින් සියයට 44.65ක් ලෙස දැක්වුවද, සැබෑජාතික ප්‍රතිශතය සියයට 40.66ක් බවද හෙතෙම නිවේදනයේ සඳහන් කර තිබේ.
එමෙන්මඑක්සත් ජාතික පක්ෂයේ ජාතික ප්‍රතිශතය මාධ්‍ය ආයතනවලට අනුව සියයට 32.63 ලෙස දැක්වුවද, එය සියයට 29.40ක් බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිශතය මාධ්‍ය ආයතනවලට අනුව සියයට 13.38 ලෙස දැක්වුවද සැබෑ ප්‍රතිශතය සියයට 12.38 බවද නිවේනයේ සඳහන් කර ඇත.
එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ප්‍රතිශතය සියයට 6.27ක් ලෙස මාධ්‍ය ආයතන සඳහන් කළද, සැබෑප්රතිශතය සියයට 5.8ක් බවද එම නිවේදනයේ සඳහන්ය.
බොහෝ මාධ්‍ය ආයතන ජාතික ප්‍රතිශත ගණනයේදී මූලික පක්ෂ කිහිපයක් (ශ්‍රී.පො.ජ.පෙ, එ.ජා.පෙ, ශ්‍රී.ල.නි.ප+ එ.ජ.නි.ස,ජ.වි.පෙ,දෙමළසන්ධානය ආදිය) ලබාගත්ඡන්ද 11,069,417 සියලු වලංගු ඡන්ද ලෙස ගැනීම හේතුවෙන් මෙම අඩුපාඩුව සිදුව ඇතැයිද පාඨලී චම්පික මහතා පෙන්වා දෙයි.
නමුත් සෙසු පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සියල්ලේ වලංගු ඡන්ද ප්‍රමාණයද සමග සියලු වලංගු ඡන්ද ප්‍රමාණය 12,214,901ක් තරම් වන බවත්,මේ අනුව ඒ ඒ පක්ෂවල ජාතික ප්‍රතිශතය වෙනස් විය යුතුය බවද නිවේදනයේ සඳහන්ය.
එමෙන්ම ආණ්ඩු පිහිටුවීමට උත්සාහකරන මහින්ද රාජපක්ෂ මහතාට ලැබී ඇත්තේ සියයට 40ක් පමණ ඡන්ද ප්‍රතිශතයක් වීම වැදගත් බවද නිවේදනයේ සඳහන් අතර,මේ අනුව ගත් කළ එ.ජා.ප. හා ශ්‍රී.ල.නි.ප.ය සහිත ජාතික සභාග ආණ්ඩුවට අයත් පක්ෂවලට සියයට 42ක් ලැබී ඇති බවත්,පසුගිය ජනාධිපතිවරණයේදී හංසයා ලකුණ යටතේ එක්වූ පක්ෂවලට සියයට 51ක් ඡන්ද ලැබී ඇති බවත් සඳහන්ය.
මේ අනුව තවමත්2015ජනවාරි 08 ජනවරමෙන් ජනතාව ඈත්වී නොමැති බව පැහැදිලිවන අතර,ප්‍රධාන පක්ෂ දෙක එකතු කරන කඩිනම් ජාතික වැඩපිළිවෙළක් හා සෙසු සහායක පක්ෂවලට ගැටුම් ඇති නොවන ක්‍රියාමාර්ග ගැනීම මේමොහොතේ වැදගත්ම කාරණය වී ඇතැයිද හෙතෙම නිවේදනයෙන් පෙන්වා දෙයි.