පළාත් පාලන මැතිවරණය සදහා නාමයෝජනා කැඳවිමේ දැනුම්දිම සිදුවන ලබන 27 වැනි දාට පෙර ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ද විපකෂය එකට එක් වී ඡන්දයට ඉදිරිපත් වීම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහන්ද රාජපක්ෂ මහතා අතර එකගතාවක් ඇතිවන බව වාරිමාර්ග හා ජලකළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා මහතා පෙරේදා (19දා) මාතලේදි පැවසිය
අමාත්‍යවරයා එසේ පැවසුවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මාතලේ දිස්ත්රිතක් කමිටුව අමතමිනි . "මෙතෙක් දික්කසාද වෙලා හිටපු මේ දෙන්න දෙමාලන්ට ඉදිරි පුංචි මගුල් ගෙදරදි එකතු වෙන්න පුළුවන්. පොදු සතුරා වන එක්සත් ජාතික පක්ෂය පරාජය කිරිම අපගේ අරමුණයි. මේ පළාත් පාලන ඡන්දය කොක්කෙන් බැරි නම් කෙක්කෙන් හෝ ජයහ්‍රහණය කරනවා
මෙවර පවත්වන ඡන්ද ක්‍රමය මටත් තේරෙන්නෙ නෑ. මේ ඡන්ද ක්‍රමයෙන් වංගු දාන්න පුළුවන්. මේ බෙදිම ගැටළුවක් කර ගන්න එපා අප්පච්චි මලෝ කියල මට මඩ ගහපු පිරිස තමයි මේ එකඟතාවයට අකුල් හෙලන්නෙ
අද ඒකාබද්දයට මල බද්දය හැදිල ජේ.ආර් .ට චන්ද්‍රකාට ,මහින්දට මේ රටේ දෙවරක් ජනාධිපති වෙන්න පුළුවන් නම් ගමෙන් බිහිවුන ගොවියෙකු ගේ පුතෙකු වන මෛත්‍රිපාල සිරිසේනට දෙවතාවක් ජනාධිපති වෙන්න බැරි ඇයි."
මාතලේ ඇම් ඩබ්ලිව් සෝමරත්න සහ රවින්ද්‍ර විරාජ් අභයසිරි
(මාතලේ ඇම් ඩබ්ලිව් සෝමරත්න සහ රවින්ද්‍ර විරාජ් අභයසිරි)