කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය සැප්තැම්බර් මාසයේදි පවත්වන බවට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවැසූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.
ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා ප්රමුඛ ඒකාබදධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් පාලන හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් හා පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් කොළඹදි මුස්තාෆා ඇමතිවරයා හමුවූ අවස්ථාවේදි ඔහු මේ බව පවසා තිබේ.
ඊයේ (23දා) මෙම හමුව සිදුව තිබේ. අමාත්‍යවරයා හමුවීමට මත්තෙන් පිරිස අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක්ද පැවැත්විය.