පුංචි ඡන්දය ගැන ඇමති ෆයිසර්ට උත්තරයක් නෑ
පළාත් පාලන ආයතන විසුරුවා හැර මෙම මස 31 වැනිදාට වසර දෙකක් ගතවන බැවින් මැතිවරණය පවත්වන දිනයක් පවසන්නැයි එජනිස මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (24දා) විමසා සිටියද ඇමතිවරයාගෙන් ඒ සඳහා නිසි පිළිතුරක් නොලැබුණි.
මෙම පසුබිම තුළ ෆයිසර් මුස්තාපා මහතා ඉතිහාසයේ රැඳෙනුයේ ප්‍රසන්න ආකාරයට නොවන බව අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
ඉන් අනතුරුව අදහස් දැක්වූ ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේ පසුගිය ආණ්ඩුව සමයේදී පළාත් පාලන විෂය ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා දැරුවේ නම් මෙවැනි ප්‍රශ්නයක් ඇති නොවන බවයි.
එහිදී නැවතත් අදහස් දැක්වූ අලහප්පෙරුම මහතා,
"පළාත් පාලන ආයතනවල කල් ඉකුත්වෙලා මැයි 31 වැනිදාට හරියටම වසර දෙකක් ගතවෙනවා. පළාත් පාලන ආයතන තිබුණට සහාව නැහැ. ෆයිසර් ඇමතිවරයා මීට මාස දෙකකට පෙර පාර්ලිමේන්තුවට පොරොන්දු වුණා සති දෙකක් ඇතුළත සංශෝධන පනස් ගණන ඉදිරිපත් කරන බවටත්,දෙවන ගැසට් නිවේදනය නිකුත් කරන බවටත්. මේ අතර පෙරේදා (23දා) අගමැතිවරයා දිනේෂ් ගුණවර්ධන මහතාට පිළිතුරක් ලබාදෙමින් කීවේ පක්ෂ නායකයන්ගේ එකඟත්වය නැත්තම් මේ වැඩේ කරන්න බැහැ කියලා.
ෆයිසර් ඇමතිතුමා එක්ක ආණ්ඩුවේ ඉන්න සහෝදර මරික්කාර් මන්ත්‍රීතුමා කිව්වේ ඡන්දය කල් දමන්න පමණද පළාත් පාලන ඇමතිවරයා ඉන්නේ කියලයි. මේ නිසා විෂයභාර ඇමතිවරයා විදියට ෆයිසර් ඇමතිවරයා ඉතිහාසයේ රැඳෙන්නේ ප්‍රසන්න විදියට නෙවෙයි.
මේ සභාවේ අපි අවස්ථා කිහිපයක් මේ කරුණ කියා තිබෙනවා. ඒ නිසා නිශ්චිතව මෙය කරන්න පුළුවන් දිනය ආසන්න වශයෙන් වත් මේ රටේ ජනතාවට පවසාවි යැයි අපි විශ්වාස කරනවා* යනුවෙන් පවසා සිටියේය.
එයට පිළිතුර දුන් ෆයිසර් මුස්තාපා මහතා,
"මම තාක්ෂණික සංශෝධන සියල්ලක්ම කැබිනට් එකට දාලා අනුමත කරගෙන තිබෙනවා. එය ගැසට් කරන්න මම කටයුතු කර තිබෙනවා. අගමැතිතුමා පෙරේදා (23දා) පැහැදිලි කළේ දේශපාලන ප්‍රශ්නයක්. සමහර දේශපාලන පක්ෂවලට ඡන්ද ක්‍රමය හා සීමා නිර්ණය සම්බන්ධයෙන් යම් යම් ප්‍රශ්න තිබුණා. දිගින් දිගටම දේශපාලන පක්ෂ එක්ක අගමැතිතුමා කතිකාවක් ඉදිරියට ගෙනියනවා. මම සද්භාවයෙන් ක්‍රියාකර තිබෙනවා. ඡන්දය කියන්න මගේ කාර්ය භාරය අවසන් කරනවා. හැබැයි දේශපාලන පක්ෂවල එකඟතාව මත පනතට යම් යම් සංශෝධන ගෙන ඒමට අගමැතිතුමා ඇතුළු දේශපාලන පක්ෂ සියල්ලක්ම දිගින් දිගටම සාකච්ඡා පවත්වන එක වෙන ක්‍රියාදාමයක්,
පළාත් පාලන ඇමති විදියට මම සෑමවිටම සද්භාවයෙන් කටයුතු කළා. සීතල කාමරයේ ඉඳන් ගත්තු වාර්තාවක් මත තමයි මම වැඩකළේ. ඩලස් වගේ සද්භාවයෙන් වැඩකරන ඇමතිවරයෙක් සීමා නිර්ණ කටයුතු කළා නම් එම කටයුතු සිදුවෙනවා. අවාසනාවකට වගේ අතාවුල්ලා ඇමතිතුමා දාගෙන බැසිල් ඇමතිතුමා එතුමාව මෙහෙයවූවා. නැටෙව්වා. හැබැයි අපිට ලැබුණ සීමානීර්ණ වාර්තාව සීතල කාමරයෙන් ලැබුණු වාර්තාවක්. ඒ වාර්තාව සංශෝධනය කිරීමට මම කටයුතු කර තිබෙනවා" යනුවෙන් කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

