පළාත් පාලන ආයතන මැතිවරණය ලබන වසර මුලදී පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
මැතිවරණය පවත්වන තෙක් නිල කාලය අවසන් වී ඇති ආයතනවල භාරකාරීත්වය දරන කොමසාරිස්වරු, ලේකම්වරු ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.
සිරිසේන මහතා මේ බව පැවසුවේ, අද (20දා) පළාත් පාලන ආයතන නියෝජිත සමුළුවට සහභාගීවෙමිනි.