පෙබරවාරි 10දා පැවැත්වෙන පලාත් පාලන ආයතන මැතිවරණය ජයග්‍රහණය කිරීම 2020දී යළිත් බලයට පත්වීමට නම් ආණ්ඩුවට වැදත් වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එජාප අපේක්ෂකයින් වෙත පවසනු ලැබීය.
ඒ සිරිකොත එජාප ප්‍රධාන කාර්යාලයේදී ඊයේ(03) පෙරවරුවේ අපේක්ෂකයින් අමතමිනි.
මෙම අවස්ථාවට සහභාගි වුනු අපේක්ෂකයෙකු පැවසුවේ අග්‍රමාත්‍යවරයා 2020දී යළි බලයට පත්වීම අපේක්ෂා කරගෙන වැඩියෙන් වැඩ කර මෙම ඡන්දය ජයගත යුතු බව පැවසූ බවයි. එසේම ආණ්ඩුවේ අභිමතය වන්නේ ප්‍රාදේශීය පාලනය හරහා සංවර්ධනයේ විශේෂ භූමිකාවක් ඉටු කිරීම බවද අගමැතිවරයා පවසා ඇත.
එසේම මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාද මෙම අවස්ථාව අමතමින් ප්‍රකාශ කර ඇත්තේ බැඳුම්කර සිද්ධියේ පරීක්ෂණද සාර්ථකව අවසන් වෙමින් පැවතීමද ආණ්ඩුව ලද ජයග්‍රහණයක් බවය. එසේම ආණ්ඩුව මෙම පරීක්ෂණවලට අතපෙවීමක් සිදු කර නැති බවද මුදල් අමාත්‍යවරයා විශේෂයෙන් සඳහන් කර ඇත.
යොහාන් පෙරේරා