සහන රැසක් සහිත පුංචි ගම්උදාවක් හෙට (22දා) දින තිස්සමහාරාම සහන ගම ගම්මානය නමින් විවෘත කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කුඩා ගම්මාන වැඩසටහන විවෘත කර දෙවැනි උදාගම්මාන සහනගම නමින් තිස්සමහාරාම බලප්‍ර‘දේශයේදී සිකුරාදා දින විවෘත කරන බවත් එම ගම්මානයේ නව නිවාස 25කින් සමන්විත බවත් නිවාස සියලු පහසුකම්වලින් අංග සම්පූර්ණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අංග සම්පූර්ණ නළ ජල පහසුකම් විදුලි පහසුකම්, ප්‍ර‘වේශ මාර්ග සහ අභ්‍යන්තර මාර්ග සහිතව මෙම නිවාස ඉදිකර ඇති බවත්, මෙම නිවාස 25 විවෘත කරන අවස්ථාවේදීම එහි දෙවැනි අදියර ලෙස තවත් නිවාස සැලැස්මක් ක්‍රියාත්මක බවද සඳහන් කළේය.
බත්තරමුල්ල සෙත්සිරිපායේදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව පවසා සිටියේය.