ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ජලයෙන් සහ ගංවතුර හේතුවෙන් විපතට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 02 ක මුදලක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ විපතටපත් ජනතාවට සහන සැලසීමට රුපියල් මිලියන 02 ක මුදලක් රජය විසින් මේ වනවිට වෙන්කර තිබේ.
මෙම මුදල් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හරහා අවතැන් ජනතාවට සහන සලසන රාජ්‍ය ආයතනවලට මේ වනවිට ලබාදී ඇත.