නැගෙනහිර දෙසින් දිවයිනට කිලෝමීටර් 800ක් දුරින් මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදරි පැය 12 ඇතුළත පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙන ලකුණු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද (6දා) පෙ.ව. 5.30ට ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එය වයඹ දෙසට බර දිවයිනෙන් ඉවතට ගමන් කරන බවයි.
ඒ හේතුවෙන් විශේෂයෙන් උතුරු හා නැගෙනහි මුහුදු ප්‍ර දේශවල සුළඟේ වේගය වැඩි වීමේ හැකියාවක් පවතින බවත් උතුරු මැද හා නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වෙන බවත් එම නිවේදනයේ දැක්වෙයි.