පිළිකාවට නව ඖෂධයක්
ඉදිරි කාලයේදී පිළිකා රෝගීන් වෙනුවෙන් නව පිළිකා ඖෂධයක් හඳුන්වාදෙන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඊයේ (07දා) අනුරාධපුර හෙද විද්‍යාල ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයක් අමතමින් පැවසීය.
පිළිකා රෝග සඳහා භාවිතා කරන ඖෂධ මිල අධික හෙයින් එක් සමාගමක් විසින් මෙතෙක් මෙම ඖෂධ මෙරටට ආනයනය කළ අතර, වත්මන් රජය යටතේ පෙර පැවැති මිලට වඩා අඩු මිලට ඉතා උසස් ප්‍රමිතියෙන් යුතු දෙවැනි පිළිකා ඖෂධය රුසියාවෙන් ආනයනය කිරීමට කටයුතු කරන ලදී.
ඒ අනුව ඉදිරියෙදී තුන්වන පිළිකා ඖෂධය මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවත්, ඒ සඳහා අවශ්‍ය උපදෙස් ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලබාදී තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
මීට අමතරව ඉදිරියේදී ඖෂධ වෙළෙඳ නාමයෙන් ලීවීම තහනම් කර ඖෂධ නාමයෙන් පමණක් ලිවීම් ආරම්භ කරන බවත් ඒ සඳහා ඖෂධ පරීක්ෂා කිරීමට චීන රජයේ ආධාර මත තත්ත්ව පරීක්ෂණාගාරයක් ඉදිකිරීමට කටයුතු සිදුකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරුන් වන සුනිල් ද අල්විස්, එම්.බී.එල් රහුමාන්, අධ්යක්ෂ (හෙද සේවා) ඩබ්ලිව්.එම්. ආරියශීලී, අනුරාධපුර මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ලයනල් මුහන්දිරම්, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය, අනුරාධපුර හෙද විද්‍යාලයේ අචාර්ය මණ්ඩලය සහ හෙද හෙදියන් එක්ව සිටියහ.
අනුරාධපුර - බී.ජී. චතුරංග/අනුරාධපුර බී.ජි. චතුරංග
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

