ජාන තාක්ෂණය හරහා පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ.
මේ වන විට ජාන තාක්ෂණය හරහා 'කයිරුඩා' නමින් ලෝකයේ බොහෝ රටවල් පිළිකා රෝගීන් සුවපත් කිරීමට භාවිත කරනු ලබයි.
මෙම ඖෂධ භාවිත කොට ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් සුවපත් කිරීම පිළිබඳව අවධානය යොමුව ඇති බවත් අදාළ ප්‍රතිකාර කිරීමට හැකි වෛද්‍යවරුන් 07 දෙනෙකු දිවයින තුළ සිටින බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.