ආවතැන්වූ පිරිස් සඳහා පිසූ ආහාර ලබාදිමෙන් විවිධ ගැටලු ඇතිවිය හැකි බැවින් හැකිතාක් වියළි ආහාර ද්‍රව්‍ය ලබාදෙන ලෙස සබරගමු පළාත් අපාදා කළමනාකරණ කමිටුව ජනතාවගෙන් ඉල්ලා සිටිය.
එසේම ආධාර ලබාදිමේදී පහත කරුණු පිළිබඳව අවධානය යොමුකරන්නැයි ඔවුහු පවසති.
01 රත්නපුර දිස්ත්‍රික්කයේ අවතැන් ජනතාව වෙත පානීය ජල බෝතල්, වියළි ආහාර,ළමා හා කාන්තා (යට ඇදුම්, සනීපාරක්ෂක තුවා ඇතුළු කාන්තා ඇදුම්) ඇදුම් කඩිනමින් අවශ්‍යයි.
02 පිසු ආහාර ලබා දිම තුළින් විවිධ ගැටළු පැන නගින බැවින් වියළි ආහාර පරිත්‍යාග ලෙස ලබා දෙන්නැයි සබරගමුව ආපදා කමිටුව ඉල්ලා සිටියි.
03 රත්නපුර දිස්ත්‍රික්කයේ සමුපකාර සමිති මගින් වියළි ආහාර මිලට ගෙන සබරගමුව පළාත් සමාජ සේවා අමාත්‍යාංශය මගින් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පිසු ආහාර ලබා දෙයි.
04 සියළු පරිත්‍යාග රත්නපුර පිහිටි සබරගමු පළාත් සභා පරිශ්‍රය වෙත ලබා දෙන්න.එම පරිත්‍යාග දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා විපතට පත් ජනතාවට බෙදා හරිණු ඇත.