ගංවතුර හා නායයාම් හේතුවෙන් ආපදාවට පත්වූ ජනතාවට ලබාදීම සඳහා පිසූ ආහාර තවදුරටත් ලබා නොදෙන ලෙස නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ වනවිට ප්‍රදේශීය ලේකම්වරුන් හරහා ස්ථාන රැසක පිසූ ආහාර ලබාදීමේ කටයුතු ක්‍රියාත්මක කරන බැවින් තවදුරටත් පිසූ ආහාර එකතුකිරීම අනවශ්‍ය කටයුත්තක් බවද හෙතෙම පැවසීය.
අද දිනයේද පිසූ ආහාර පැකට් 30 000ට වඩා වැඩි ප්‍රමාණයක් රත්මලාන ගුවන් හමුදා කඳවුරට ලැබුණු බවද අමාත්‍යවරයා පැවසීය.