බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්රිකට් ක්රීඩක ඕමාර් පිලිප් පන්දුවක් හිසේ වැදීමෙන් සිදුවූ අනතුරකින් අනූ නවයෙන් බේරී තිබෙන බව ක්රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කරයි.
පන්දුවට පහර නොදෙන අන්තයේ සිටියදී ඔහුගේ හිසේ පිටුපස පන්දුව වැදී තිබීම හේතුවෙන් එම අවස්ථවේදී ඔහුගේ මතකයව නැතිව තිබේ.
කෙසේ වෙතත් කරනු ලැබූ සි.ටී. ස්කෑන් පරික්ෂණයේදී ඔහු අනතුරදායක තත්ත්වයෙන් බැහැරවී තිබෙන බව වාර්තා වෙයි.
පසුගිය සිකුරාදා (05දා) කොදෙව්හි පළමු පෙළ තරගයක් අතරතුරදී මෙම අනතුර සිදුව තිබේ.