ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය ඉදිරිපත් කළ වාර්තාවට විස්තරාත්මක පිළිතුරක් රජය මගින් යවා ඇති බව වාර්තා වේ.
මෙකී පිළිතුරු වාර්තාව ජිනීවා නුවර සිටින ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ මහතා හරහා රජය මගින් ගොනුකොට ඇත.ශ්‍රී ලංකාව එරෙහි ඇමෙරිකානු යෝජනාව ලබන මස 28 වැනිදා මානව හිමිකම් කවුන්සිලය තුළ ඡන්දයකට ගැනීමට නියමිතය.
එසේම ලබන මස පළමුවැනිදා ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම ජිනීවා නුවර බලා පිටත්ව යන අතර, එහි නායකත්වය දරන්නේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාය.