එළඹෙන ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය විසින් ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා ලබා දුන් තොරතුරුවල රටට සතුරු තොරතුරු රැසක් ඇතුළත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පැවැසීය.
අද (16) පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් මුසම්මිල් මහතා සඳහන් කළේ, ජිනීවා සමුළුවට සමක්රියාත්මකවන රට අස්ථාවර කිරීමේ මෙහෙයුමටද ආණ්ඩුව තුළම සිටිමින් මුස්ලිම් කොංග්රසයද වැඩි දායකත්වයක් ලබා දෙන බවයි.ගාමීව
එසේම අධිකරණ අමාත්‍යවරයා ප්රමුඛ මුස්ලිම් කොංග්‍රසය විසින් සකස් කරනු ලැබූ රටට සතුරු වාර්තාව කුවේට් හා සවුදි අරාබිය යන රටවලටද ලබා දී ඇති බවත් හෙතෙම අනාවරණය කළේය.