නැගෙනහිර හිටපු මහ ඇමති පිල්ලෙයියාන් ලබන මස 03 වෙනිදා දක්වා දින 14ක් නැවත වරක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (20දා) නියෝග කෙරිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම්ගේ ඝාතනය සම්බන්ධයෙන් අද (20දා) නඩුව කැඳවූ අවස්ථාවේ මඩකලපු මහේස්ත්‍රාත් විනිසුරු විනිසුරු එස්. ගනේෂරාජසා මහතා මෙම නියෝගය ලබාදෙන ලදී.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පිල්ලෙයියාන් හෙවත් සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 09 දින කොළඹ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
මඩකලපුව - ජවුෆර් ඛාන්