හිටපු නැගෙනහිර පළාත් මහ ඇමති, මෙන්ම හිටපු කොටි නායකයෙකු වන සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) නායක්තවය දරන දෙමළ ජනතා කොටි සංවිධානය (ටී.එම්.වී.පී.) පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට මඩකලපුව දිස්ත්‍රික්කයේ සභාවන් 9 ක් සඳහා අද (06දා) ඇප මුදල් තැන්පත් කළේය.
සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර පක්ෂයේ මහ ලේකම් හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී පී.ප්‍රසාන්තන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඇප මුදල් තැන්පත් කරන ලදී.
හිටපු මඩකලපුව මහ නගර සභා සභාපති ඒ.ජෝර්ජ් පිල්ලෙයි, පක්ෂයේ කාන්තා සංගමයේ නායිකා මනෝහරන් මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.
මඩකලපුව ජවුෆර් ඛාන්