දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම්ගේ ඝාතනය සම්බන්දයෙන් අත්අඩංගුවට පත් පිල්ලයාන් ඇතුළු පස්දෙනෙකු ලබන මස (05දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මඩකලපුව මහාධිකරණ විනිසුරු එම්.අයි.ඉස්සදීන් මහතා අද (07දා) නියෝග කළේය.
නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන්, හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රදීප් මාස්ටර් නොහොත් එඩ්වින් සිල්වා, ක්‍රිෂ්ණා නන්දරාජා, කජන් මාමා නම් වූ කනගනායගම් හා හමුදා අපරාධ විමර්ශන අංශ නිලධාරී එම්.කලීල් යන අය මෙසේ රක්ෂිත බන්ධනාගාර කෙරිණි.
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් මහතා 2005 වසරේ ශුද්ධවූ මරියාල් දේවස්ථානයේ පැවැති නත්තල් රෑ පූජාවට සහභාගි වූ අවස්ථාවේ වෙඩි තබා ඝාතනය කර තිබිණි.
මඩකලපුව - ජවුෆර්කාන්