ද්‍රවිඩ ජාතික සන්ධානයේ (TNA) මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීමට යොදාගත් ගිනිඅවිය සහ ඒ සඳහා යොදාගත් වාහනය සොයාගැනීමට අවශ්‍ය බව රහස් පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට අද (04දා) දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රහස් පොලීසියේ රඳවාගෙන ප්‍රශ්න කරන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නමැත්තා ලබන 10 වැනිදා තෙක් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමටද මහේස්ත්‍රාත්වරයා රහස් පොලීසියට අවසර ලබා දුන්නේය.
.