රටේ එතනෝල් කල්ලිය විසින් මනාප ලබාගැනීමටත් පිල්මාරු කරන අයට දන්සැල් ආකාරයේ සම්පත් බෙදා හැරීමටත් ප්‍ර කෝටි ගණන් වැය කරන බව පාරලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කියයි.
මාවනැල්ලේ පැවැති ජන රැළයක් අමතමින් හෙතෙම මෙම අදහස් (16දා) ප්‍රකාශ කළේය.
ජනපතිවරයා මෙම එතනෝ මාෆියාව නැවත්වීමට පියවර නොගන්නා බවත් රජයට සම්බන්ධ විවිධ පාර්ශ්ව මත්කුඩු ජාවාරයේ යෙදෙන බවත් හෙතෙම තවදුරටත් කීවේය.
"එතනෝල් කල්ලිය හි මුදල් වත්මන් පාලකයන්ගේ අවශ්‍යතා සඳහා වැය කරනවා. මනාප ලබාගැනීමටත් දේශපාලන පිල්මාරු සඳහා පුද්ගලයන්ට ලබාදීමටත් විවිධ දන්සැල් ආකාරයේ සම්පත් බෙදාහැරීමටත් රුපියල් ප්‍රකෝටි ගණනක් ඊට එතනෝල් කල්ලිය වැය කරනවා. රේගුවෙන් එතනෝල් පිටකර ගැනීම නැවැත්වීමේ හැකියාව ජනාධිපතිවරයාට තිබෙනවා. රේගුව ඔහු යටතේ තියෙන්නේ. නමුත් සංවේදී නායකයා එතනෝල් මාෆියාව පාලනය කිරීමට කිසිදු පියවරක් නොගන්නාවා. මත්කුඩු ජාවාරම ශ්‍රී ලංකාවේ ව්‍යාප්තව තියෙනවා. රජයට සම්බන්ධ විවිධ පාර්ශව මත්කුඩු ජාවාරමෙහි නිරත වෙනවා." යැයි හෙතෙම වැඩිදුරටත් පැවැසීය.