මහජනතාවගේ මුදල් හා ඉතුරුම් ආයෝජන කෙරෙන නීත්‍යනුකූල නොවන මුදල් පිරමීඩ යෝජනා ක්‍රමයක් පිළිබඳව තමාට තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිළිබඳව වහාම සොයා බලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස අධිකරණ අමාත්‍යවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.
අධිකරණ අමාත්‍යාංශය පෙන්වාදෙන පරිදි, ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා නමැති පෞද්ගලික සමාගමේ මැදිහත් වීමෙන් මේ වනවිට මෙවැනි මුදල් පිරමීඩ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වන බවට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වෙත තොරතුරු ලැබී ඇති බැවින්, ඒ පිළිබඳ පරීක්ෂණ අරඹන ලෙස පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගෙන් ඉල්ලා තිබේ.