හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වූ ගම්උදා වැඩසටහන නැවත ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
දිළිඳු ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා 1980 දශකයේ ආරම්භක කළ වැඩසටහන 1990 දශකයේ මැදදී නතරවිය.
එය යළි ආරම්භ කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඔහු හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වෙයි.