මීගහතැන්න හේන්යාය ප්‍රදේශයේදී යකඩ පොලුවලින් සිදුකළ පහරදීමකින් පියෙකු හා පුතෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි.
ඊයේ (11දා) රාත්‍රී 8.45 ට පමණ මෙම නිවසට ඇතුළු වූ පිරිසක් යකඩ පොලුවලින් පහර දී ඇති බව පොලීසිය සඳහන් කරයි.
සිද්ධියෙන් තුවාල ලැබූ පියා හා පුතුන් දෙදෙනා මීගහතැන්න රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, පහරකෑමට ලක් වූ තවත් අයෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
කාරියවසම් අම්පෙගමගේ ජිනදාස (74) සහ කාරියවසම් අම්පේගමගේ උපාලි රංජිත් (44) යන පියපුතු දෙදෙනා මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබෙන බවද, සැකකරුවන් හඳුනාගෙන තිබෙන බවත් ඔවුන් ප්‍රදේශයෙන් පළාගොස් තිබෙන බවත් පොලීසිය පවසා සිටියි.
ප්‍රේමතිලක පෙරමුණ