තම පියා බලු කූඩුවක සිරකිරීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාව නොවැම්බර් 02 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහනුවර මහේස්ත්රාත් ශ්රී නෙත් විජේසේකර මහතා අද (19දා) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ දිගන ප්ර‘දේශයේ පදිංචිකාරියක වන චමරි මනෝරි හේවගේ නමැති කාන්තාවකි.
ඉකුත් 13 වැනිදා බලගොල්ල පොලීසිය විසින් එම කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර, අධිකරණ නියෝග මත ඇය ඊයේ දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.