තම පියාගේ වදහිංසා දැරිය නොහැකිව නිවසින් පළා යමින් සිටි අවුරුදු එකොළහක (11) දැරියක් සහ අවුරුදු එකොළහක (11) පිරිමි දරුවෙකු හැටන් පොලීසිය භාරයට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා අද (20දා) මස්කෙළිය පොලීසියට භාරදී තිබේ.
මස්කෙළිය සාමිමලේ තිරුවාගොල්ල වතුයායේ පදිංචි වතුකම්කරු පවුලකට අයත් මෙම ළමුන් දෙදෙනා සොයුරිය සහ සොයුරා වන අතර වැඩිමල් දැරිය නිෂාන්ති වන අතර, අනෙක් දරුවා එස්. රෝෂාන්ත් බවයි හැටන් පොලීසිය පවසයි.
ඔවුන් දෙදෙනා පවසන්නේ තමන් කිසි දිනෙක පාසල් නොගිය බවත්, තම මව අසනීපයෙන් පසුවන බවත් පියා බීමත්ව පැමිණ තමන්ට හිරිහැර කර පහරදෙන නිසා තමුන් නිවසින් පලා ආ බවයි. ළමුන් දෙදෙනාගේ ශරීරයේ ස්ථාන කීපයක තුවාල සිදුවී ඇතැයි පොලීසිය පෙන්වා දෙයි.