යටියන්තොට පොලිස් වසමේ වී ඔය වත්ත මලල්පොළ ප්‍රදේශයේ පියෙකු විසින් සිය දරු දෙදෙනකු නිවස තුළදී ඝාතනය කර තිබේ. මෙසේ ඝාතනය කර ඇත්තේ ප්‍රැන්සිස් රම්‍යා චතුරංගි නමැති අවුරුදු 07 ක වයසැති ගැහැනු දරුවෙකු හා ප්‍රැන්සිස් සලිඳු සසංක නමැති අවුරුදු 03 ක් වයසැති පිරිමි දරුවෙකි.
පියා විසින් දරු දෙදෙනා නිවස තුළ ගෙල සිරකර එල්ලා ඝාතනය කර ඇති බව අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, විදේශගතව සිටින තම බිරිඳ විදේශගතව සිටින තවත් පුද්ගලයෙකු සමග අනියම් සම්බන්ධයක් පවත්වන බවට දැනගැනීමෙන් පසුව මෙම අපරාධය සිදුකළ බව සැකකරු විසින් පපොච්චාරණය කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් යටියන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.