කතානායක කරූ ජයසූරිය මහතාගේ සංකල්පයක් අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහයෙන් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කෙරෙන ''පියවර දහසක් නිරෝගී දිවියක්'' වැඩසටහන හෙට (08) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය.
මෙහි සමාරම්භක උත්සවය පෙ.ව. 11.00ට මැතිඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු කමිටු ශාලා 01 දී පැවැත්වෙයි.
දිනකට ඇවිදින පියවර ප්‍රමාණය මැනගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයට හා පාර්ලිමේන්තුව අනුබද්ධිත සේවාවන්හී නියුතු වූවන්ට ''පියවර මානයන් '' (Pedometer) 1500ක් ලබාදීමට ද නියමිතය.