සාලාව හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරීමෙන් හානියට පත් දේපළ සම්බන්ධයෙන් සංගණනයක් හෙට (09දා) දින සිට ආරම්භ කරන බව සීතාවක ප්‍රා‘දේශීය ලේකම් එච්.එම්.එස්.කේ. බණ්ඩාර මාපා මහතා පැවැසීය.
පිපිරීමෙන් හානි වූ නිවාස, වෙළෙඳසැල්, රථවාහන, භව භෝග හානි හා නිවාස වල අභ්‍යන්තරයේ තිබූ දේපළ සම්බන්ධයෙන් මෙම සංගණනය පැවැත්වේ.
අවි ගබඩාව පිපිරීමෙන් හානියට පත් නිවාස පිහිටි සියලුම ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි ග්‍රාම සේවා නිලධාරීන් හා ඔවුන්ට සහායවීමට අමතර නිලධාරීන් යොදවා සංගණනය සිදුකරන බව ප්‍රා‘දේශීය ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.
බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ