කොස්ගම, සාලාව හමුදා කඳවුරේ සිදු වූ පිපිරීම හේතුවෙන් මේ වනවිටත් කඳවුරු 11 ක පුද්ගලයන් 2000 ක් පමණ නවාතැන් ගෙන සිටින බව සීතාවක පුර ප්‍රා‘දේශිය ලේකම් බණ්ඩාර යාපා මහතා පැවසීය.
බොල්ලකාව විහාරය, මොරගහතැන්න විහාරය, වටරැක උතුර කනිෂ්ඨ විද්‍යාලය, දොන් බොස්කො විදුහල. අවිස්සාවේල්ල නගරය, අකරවිට පාසල, බොරළුගොඩ විහාරය ආදී වශයෙන් මෙම පිරිස කඳවුරුගත කර සිටින බවත්, අත්තනගල්ල ඇතුළු වෙනත් ප්‍ර‘දේශවල සිටි පිරිස් ඊයේ (07දා) දිනයේදී ගෙන්වාගෙන මෙම කඳවුරුවලට යොමුකළ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
සොරුන්ගෙන් තම නිවෙස් ආරක්ෂා කරගැනීම සඳහා තවත් පිරිසක් නිවෙස්වලට වී සිටින බවද යාපා බණ්ඩාර මහතා කීය.
මොවුන්ට අවශ්‍ය පානීය නළ ජලය සැපයීම සඳහා ජල සම්පාදන මණ්ඩලය ඊයේ දිනයේදී කටයුතු කළ බවත්, අවතැන් ජනතාවට ඇඳුම් ලබාදීමටද පියවර ගත් බවත් ඒ මහතා සඳහන් කළේය.
කඳවුරේ සිදු වූ පිපිරීමෙන් ප්‍ර‘දේශයේ ට්‍රාන්ස්ෆෝමර් 11 ක් විනාශ වී තිබෙන බැවින් ඉන් 05 ක් පිළිසකර කිරීමට විදුලිබල මණ්ඩලය ඊයේ දිනයේදී කටයුතු කළ බවත්, ඉතිරි ට්‍රාන්ස්ෆෝමර් අසලට ළඟාවීම අපහසු බවත් ප්‍රා‘දේශීය ලේකම්වරයා සඳහන් කළේය.
මේ අතර යුද හමුදා මාධ්‍ය අධ්යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේ මෙම ප්‍ර‘දේශයේ ආරක්ෂිත සීමාව මීටර් 500 දක්වා අඩු කර ඇති බවයි. එම සීමාවේ ඇති උණ්ඩ කොටස් ඉවත් කිරීමෙන් පසු ජනතාවට යළි පැමිණීමට අවස්ථාව ලබාදෙන බවත්, එවැනි උණ්ඩ කොටස් ළඟ තබාගැනීම නීතිවිරෝධී බැවින් ආරක්ෂක අංශ වෙත බාරදෙන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය.
ඊයේ රාත්‍රී 7.25ට පමණ කඳවුර ඉදිරියෙන් දිවෙන අවිස්සාවේල්ල කොළඹ මාර්ගය විවෘත කිරීමට හමුදාව කටයුතු කළේය.