පින්නවල අලි අනාථාගාරයේ සිටින අලින්ගෙන් යම් ප්‍රමාණයක් සුදුසුකම් සහිත පුද්ගලයන් හෝ පූජ්‍ය ස්ථාන වෙත ලබාදීමට යෝජනා වී තිබේ.
අක්කර 30ක් වූ භූමි භාගයක් තුළ සිටින අලින් 88 දෙනා නඩත්තු කිරීම දුෂ්කර හේතවෙන් රජය මෙම තීරණය ගෙන තිබේ.
පින්නවල අලි අනාථාගාරයේ හීලෑ අලිඇතුන්ගෙන් කොටසක් නිශ්චිත කොන්දේසිවලට යටත්ව, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරනු ලබන කමිටුවක් මගින් තෝරාගනු ලබන සුදුසුකම්ලත් පුද්ගලයන් සහ ආයතන වෙත ලබාදීමට නියමිතය.
තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.