සිල්රෙදි බෙදාදීමේ සිදුවීමට වරදකරුවන්වූ පුද්ගලයන් නිදහස් කරගැනීම සඳහා පිණ්ඩපාතයෙන් මුදල් එකතු කරන්නේ භික්ෂුන්වහන්සේලා පිරිසකගේ කැමැත්ත අනුව බවත්උන්වහස්සේලා තීරණය කරසිදුකරන ක්‍රියා සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කිරීමේ හැකියාවක් නොමැති බව අස්ගිරිපාර්ශ්වය සඳහන් කරයි.
එමෙන්ම සිල් රෙදි බෙදාදීමේ සිදුවීම සම්බන්ධ නඩු තීන්දුව පිළිබඳසලකා බලන ලෙස රජයට දැනුම්දුන් බවද අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ අදට පැවසූහ.
සිල් රෙදි බෙදාදීමේ සිදුවීමේ වැරදිකරුවන් බවට පත්වූ පුද්ගලයන් නිදහස් කිරීමට භික්ෂුන්වහන්සේලා පිණ්ඩපාතයෙන් මුදල් එකතුකිරීම පිළිබඳ අදහස් දක්වමින් ධම්මානන්ද හිමියෝ අද පුවත්පතට මේ බව පැවසූහ.