ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරන ලද ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු පමණ අද (04 දින) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට එවා තිබුණි .
මොවුන් නීතිවිරෝධී ක්‍රම භාවිතා කරමින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී සිටියදී , එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා තබාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසකි.
මොවුන් සියලුදෙනා පිරිමින් වන අතර, මේ පිරිස 8/04 දින උදෑසන 7.30 ට පමණ ඕස්ට්‍රේලියාවට අයත් එස්.එන්.ඩී.1 දරන ‘ස්කයි ට්‍රේඩර්ස්’ නමැති විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .
කටුනායක ගුවන් තොටුපොළේදී මේ පිරිස ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට භාර දීමෙන් අනතුරුව ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කරගෙන නිදහස් කිරීමට නියමිතය.