අයහපත් කාලගුණ තත්ත්වය නිසා පසුගිය දිනවල පිටාර ගැලීමේ අවදානමට ලක් වූ සහ පිටාර ගැලූ ජල මූලාශ්‍ර සියල්ලම මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කැලණි ගඟ, යාං ඔය, අත්තනගලු ඔය සහ මල්වතු ඔය පිටාර ගැලීම නිසා පසුගිය දිනවල අවට ප්‍ර‘දේශවල ජනතාව පීඩාවට පත්වූ අතර, කළුගඟ සහ ගිංගඟ යම් යම් ස්ථානවලින් පිටාර ගැලීම නිසාද ජනතාව අපහසුතාවට පත්වූහ.
එහෙත් ඊයේ (05දා) දිනය වනවිට කැලණි, කළු, ගිං,නිල්වලා යන ගංගා, කිරිඳි ඔය, මාදුරු ඔය, කුඹුක්කන් ඔය, හැඩ ඔය, මහවැලි ගඟ, යාං ඔය, මල්වතු ඔය, මී ඔය, මහා ඔය සහ අත්තනගලු ඔයේජල මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබූ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග හා ජලවිද්‍යා අධ්යක්ෂ ටී.හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළාය.