පෑලියගොඩ - බියගම නාරම්මිනිය මාර්ගයේ කර්මාන්ත ශාලාවක හටගත් හදිසි ගින්න මැඩපැවැත්වීමට කොළඹ ගිනි නිවීමේ ඒකකය සහ පෑලියගොඩ පොලීසිය එක්ව තිබේ.
ගින්නෙන් සිදු වූ හානිය මෙතෙක් වාර්තා වී නොමැති අතර පෑලියගොඩ පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිස් මුලස්ථානය පවසයි.
තීන්ත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක රසායනාගාර අංශයේ අද(26) පස්වරුවේ මෙම ගින්න හටගත් බව පොලීසිය පැවසුවේය.
ඡායාරූප - සංජීව ධර්මසේන