පැහැරගත් ශ්රී ලාංකික යුවළ ගැන පරීක්ෂණයට ස්කොට්ලන්යාඩ් පොලීසිය ඉන්දියාවට
ඉන්දියාවේදී පැහැරගෙන යාමට ලක්වූ ශ්රී ලාංකික සම්භවයක් ඇති එංගලන්ත යුවළගේ සිද්ධියට අදාළ ඉදිරි පරීක්ෂණ කටයුතු පිළිබඳව තොරතුරු හුවමාරු කරගැනීම සඳහා එංගලන්තයේ ස්කොට්ලන්ඩ්යාඩ් පොලිස් නිලධාරීන් පිරිසක් අද (12දා) චෙන්නායි පොලිස් කොමසාරිස්වරයා හමු වී සාකච්ඡා කළහ.
සිද්ධියට අදාළව ශ්රී ලාංකිකයන් දෙදෙනෙකු හා ඉන්දීය ජාතිකයන් 07 දෙනෙකු ඇතුළු 09 දෙනෙකු පසුගිය මැයි මාසයේදී අත්අඩංගුවට ගැනීමට චෙන්නායි පොලීසිය කටයුතු කළේය.
ඉන්දීය සංචාරයක් සඳහා පැමිණි 59 හැවිරිදි තවරාජා හා ඔහුගේ බිරිඳ වන 55 හැවිරිදි සලාජා, චෙන්නායි ගුවන්තොටුපළේදී අතුරුදන් වී ඇති බවට පසුගිය මැයි 29 වැනිදා ඔවුන් දෙදෙනාගේ දියණිය වන දර්ශනි විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.
තම දෙමාපියන් පැහැරගත් දිනයේදී ඉන්දීය රුපියල් කෝටි 2.58 (රුපියල් කෝටි 5.39) ක් ඉල්ලා තමාට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබුණු බවට දර්ශනී එංගලන්ත පොලීසියට පැමිණිලි කර තිබිණි. අතුරුදන් වූ යුවළ කටුනායක සිට චෙන්නායි ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

