හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පැවිදි හඬ සංවිධානයට සාකච්ඡාවක් ලබාදී ඇති බැවින් සිදුකිරීමට නියමිතව තිබු සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසුහ.
අද(09) පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් උන් වහන්සේ මෙම අදහස් පළ කළහ.