IS ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ගේ ග්රහණයේ පැවති ලෝක උරුම නගරයක් වූ සිරියාවේ පැල්මයිරා හි සම්පූර්ණ පාලනය සියතට ගැනීමට සිරියානු රජයේ හමුදාව සමත්ව තිබේ.
දින කිහිපයක් පුරා සිදුකළ ගොඩබිම් මෙහෙයුම් සමග ඉදිරියට ඇදුණු රජයේ හමුදා වෙත රුසියානු ගුවන් හමුදාවේ ප්රබල ප්රහාරක ශක්තියද මෙම මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා උදව් වී තිබේ.
2015 මැයි මාසයේදී ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් විසින් මෙම යුනෙස්කෝ ලෝක උරුම නගරයේ පාලනය සියතට ගනු ලැබීය.
එරට රැඳී සිටින මානව හිමිකම් සංවිධානවලටද අනුව මේ වනවිට ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් නැගෙනහිර දෙසට පලා යමින් සිටින බවත්, රජයේ හමුදා යුද ටැංකි නගරයට ඇතුළු වී ඇති බවත් තහවුරු කර තිබේ.
මේ අතර, රුසියානු ආරක්ෂක අමාත්යංශය නිවේදනයක් නිකුත් කරමින් ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ගේ ඉලක්ක 158ක් වෙත තම ගුවන් හමුදා ප්රහාර දියත් වූ බවත්, ත්රස්තයන් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පවසයි.
පැල්මයිරා නගරය පසුගිය වසරේදී ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් අතට පත්වීමෙන් පසු එහි තිබූ පෞරාණික ගොඩනැගිලි කිහිපයක් ඔවුන් විසින් පුපුරුවා හැරි අතර, තවත් නටඹුන් ඩොසරයටත්, කුළු ගෙඩියටත් යටවිය.
කෙසේ වෙතත්, මේ ලෝක උරුම නගරය නැවතත් ලෝකය හමුවේ ආරක්ෂා කරමින් ගොඩනගන බවට සිරියානු රජය මේ වනවිටත් ප්රතිඥා දී තිබේ.
පැල්මයිරා නගරය පසුගිය වසරේදී අයි.එස්. ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් අතට පත්වීමෙන් පසු එහි තිබූ පෞරාණික ගොඩනැගිලි කිහිපයක් ඔවුන් විසින් පුපුරුවා හැරි අතර, තවත් නටඹුන් ඩොසරයටත්, කුළු ගෙඩියටත් යටවිය.

- See more at: http://www.ada.lk/article/149999/%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94-%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F-%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B7%80-%E0%B7%80%E0%B7%99%E0%B6%AD#sthash.lw9eTyAJ.dpuf