IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් විසින් පැරිසීයට හා බ්‍රසල්ස් නගරයට එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාර ද්විත්වයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බෙල්ජියම් පොලීසිය පවසයි.
මෙම සැකකරුවන් දෙදෙනා සිරියාවේදී ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් සමග සටන් කොට හෝ එරට සිටින ත්‍රස්ත නායකයන් සමග සෘජුව සම්බන්ධතා පවත්වන අයවලුන් ලෙස පිළිගැනෙයි.
මෙසේ අත්අඩංගුවට පත් එක් සැකකරුවෙක් මොහොමඩ් අබ්රිනී ලෙස සැලකෙන අතර, ඔහු පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ප්‍රංශයට එල්ල කරන ලද ප්‍රහාරය සැලසුම් කිරීමට උදව් කළ අයෙකු ලෙස හඳුනාගෙන තිබේ.
එමෙන්ම මෙම තැනැත්තා පසුගියදා බ්‍රසල්ස් ගුවන් තොටුපොළ ප්‍රහාරය අවස්ථාවේ සී.සී.ටී.වී. දසුන්වල සිටි තොප්පියක් පැළඳි පුද්ගලයාද මොහු බව තහවුරු කරගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටියි.
වයස අවුරුදු 31ක් වන අබ්රිනී බ්‍රසල්ස් නගරය ආසන්නයේ මොලෙන්බීක් නගරයේදී අත්අඩංගුවට පත්ව ඇති අතර, එම අවස්ථාවේ දසුන්ද මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබුණි.
මීට පෙර ඔසාමා කේ. හෙවත් ඔසාමා ක්රෙයිම් නමැත්තෙකුද පොලීසියේ අත්අඩංගුවට පත්වූ අතර, ඔහු දැනට අත්අඩංගුවේ සිටින සලේහ් අබ්දෙස්ලාම් සමග සෘජු සම්බන්ධතා පැවැත්වූවෙකු ලෙස හඳුනාගෙන තිබේ.