ලංකා ධීවර සංස්ථාවේ ශීතාගාරයක තිබී වසර 08ක් පමණ පැරණි ටොන් 03ක මත්ස්‍ය තොගයක් සොයාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම් දී තිබේ.
විදේශ රටකින් මිලදී ගන්නා ලද මෙම මත්ස්‍ය තොගය බෙදා නොහැර සංස්ථාවට විශාල වශයෙන් මූල්‍යමය අලාභයක් සිදු කළේ කවුරුන්ද යන්න සොයා බලන ලෙස මහින්ද අමරවීර අමාත්‍යවරයා දැනුම්දී ඇත.
ධීවර සංස්ථාවේ වැඩ බලන සභාපතිවරයා ලෙස කටයුතු කරන ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්. බාලසුගමුනියම් මහතාට අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය.