(VIDEO) ගතවූ පැය 48 ඇතුළතදී රට තුළ විශාල පිබිදීමක් ඇති වී තිබෙන බව විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස තරග වදින මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
පොදු අපේක්ෂකයා බිහිකර ගැනීමට දායක වූ සංවිධාන, දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති නියෝජිතයන් මුණගැසීමට කෝට්ටේ ශ්‍රී නාග විහාරයට පැමිණි අවස්ථාවේදී හෙතෙම මේ බව පැවසීය.
පවතින තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂ රාජ්‍ය දේශපාලනික වශයෙන් අසීරු අවස්ථාවකට මුහුණදී ඇතැයිද සිරිසේන මහතා කියා සිටියේය.
හෙට දින ශ්‍රී දළදා වහන්සේ සහ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදාගෙන ආශීර්වාද ලබාගන්නා බවත්, ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් බැහැදැකීමට සැලසුම්කර ගෙන ඇති බවත් හෙතෙම මෙහිදී පැවසීය.
මෙම අවස්ථාවට මාදුළුවාවේ සෝභිත හිමියන් සමග කරු ජයසූරිය, රාජිත සේනාරත්න, රවී කරුණානායක යන මහත්වරුද එක්ව සිටියහ.
ඡායාරූප ඒශාන් ප්‍රනාන්දු